නීතිය නැවීමට අවශ්‍ය නොවන බවත් නීතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බවත් හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී පැවැති සමුපකාරිකයින්ගේ සම්මේලනය අමතමින් අද (24දා) ඔහු මේ බව පැවැසීය.
“නීතිපති දෙපාර්තමේන්තුවේ වත්මන් සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් කියනවා දේශපාලන බලපෑම් නිසා ගෝඨාභයට නඩු දැම්මාලු. අල්ලස් පනත යටතේ ගේන්න බැරි අයවත් ගෙනත් නඩු දැම්මලු. ඇය එ් බලපෑම් කරපු ඇමැතිවරු එළි කළ යුතුයි. නැත්නම් ජනාධිපතිගේ ඉදන් මේ චෝදනාවට ලක්වෙනවා.
අරලිය ගහ මන්දිරයේ වෙනම එ්කකයක් තියන් එ්කෙන් තීන්දු අරන් කරපු විගඩම, පලිගැනීම අද එළිදරව් වෙලා. නීතිපති දෙපාර්තමේන්තුව දාපු නඩු ගැන අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් වෙලා. පොලිස්පතිට නීතිය නවන්න පුලූවන්ලු.
අපිට නීති නවන අය අවශ්‍ය නැහැ. පවතින නීතිය ක්‍රියාත්මක කිරීමට මිසක් පළි ගන්න නීති, නවන පොලිසි අපිට අවශ්‍ය නැහැ. මේ ප්‍රකාශයේ බරපතල කම ජනතාව වටහා ගත යුතුයි. මේවා ගැන අපි නැවත සිතිය යුතුයි.”