වසංගතය පාලනය කිරීමේදී කොවිඩ්-19 ආසාදන සඳහා පරීක්ෂණ සහ ප්‍රතිඵල වේගවත් කිරීම ඉතා වැදගත් වන නමුත් පුළුල් ජනගහන පරීක්ෂණ සෑමවිටම ප්‍රයෝජනවත් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග විද්‍යාඥ මාරියා වැන් කෙර්කොව් පැවසුවේ, සැකසහිත සිද්ධීන් පරීක්ෂා කළ යුතු අතර, හැකියාවක් වෙතොත් ඔවුන්ගේ සම්බන්ධතාද පරීක්ෂා කළ යුතු බවයි. රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් ඇය කීවාය.
එහි හදිසි අවස්ථා වැඩසටහනේ ප්‍රධානී මයික් රයන් සඳහන් කළේ පුළුල් ජනගහන පරීක්ෂණ වැඩසටහන් මගින් සම්පත් විශාල ප්‍රමාණයක් අපතේ යන බවයි.
COVID-19 වලට නිරාවරණය වූ නමුත් රෝග ලක්ෂණ නොමැති පුද්ගලයින් පරීක්ෂා කිරීම අවශ්‍ය නොවන බව එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය මේ සතියේ ප්‍රකාශ කිරීමෙන් පසුව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අදහස් දැක්වීම් සිදුකළේය.