පිලියන්දළ පොදු වෙළෙඳ පොළේ වෙළඳුන් සහ නගරය ආශ්‍රිතව පදිංචි පුද්ගලයන්ගෙන් කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී පුද්ගලයන් 101කුට වෛරසය ආසාදිත වී ඇති බවට වෛද්‍ය වාර්තාවලින් අනාවරණය වූ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.
ඒ හේතුවෙන් පිළියන්දල පොදු වෙළෙඳපොළ තාවකාලිකව වසා දැමීමට උපදෙස් ලබා දුන් බව වෛද්‍යවරයා කීය.
පිලියන්දල පොදු වෙළෙඳ පොළේ පලතුරු වෙළෙඳ සලක් පවත්වාගෙන යන 49 හැවිරිදි පුද්ගලයකු මීට දින කීපයකට ඉහත දී හදිසියේ මිය යාම හේතුවෙන් සතිපොළේ වෙළඳුන් සහ ඒ අවට පුද්ගලයන් එමෙන්ම අහඹු ලෙස තෝරාගත් පුද්ගලයන් 354 දෙනෙකු උදෙසා ඉකුත් හත්වැනිදා සිදුකළ පි. සි. ආර්. පරීක්ෂණයෙන් 260 කුගේ ලද වාර්තාවලින් ආසාදිතයන්ගේ තොරතුරු අනාවරණය වූ බව වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා වැඩිදුරටත් පැවසීය.