පිළියන්දල පොලිස් වසමේ සිදු කළ වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී අධිකරණය මඟහැර සිටී පුද්ගලයන් 30දෙනෙක් අද 24,අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි
එම සැකකරුවන් අතර කාන්තාවන් 15 වන බව පොලිසිය කියයි
මුදල් වංචා කිරීම ,පහරදීම් කොල්ල කෑම ,හා මත්ද්‍රව්‍ය ළඟ තබා ආදී විවිධ චෝදනාවලට අධිකරණය වෙත ඉදිරිපත් නොවී මඟහැර සිටි පුද්ගලයන් එලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
එම සැකකරුවන් සියලුම දෙනා කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස් මත පරිපාලන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් කොඩිතුවක්කු ,මහතා පරීක්ෂණ පවත්වයි