කොළඹ නගරයේ මහල් නිවාස වල හා වතු ආශ්‍රිතව ජීවත් වන ජනතාව යම් පෙළඹවීම්වලට හෝ වෙනත් ආකාරයක නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ නොවී සිටින ලෙස ඉල්ලීමක් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
තවදුරටත් තම මහල් නිවාස සංකීර්ණ තුළම හා වතු තුලම රැඳී සිටීම මගින් යම් ආකාරයක හුදෙකලා කර ඇති එම ප්‍ර දේශ ඉතාමත් ඉක්මනින්ම හුදෙකලා බවෙන් ඉවත් කිරීමට හැකියාවක් ලැබෙන බවත් ඔහු සඳහන් කළේය.
“මහල් නිවාස වල හා වතු ආශ්‍රිතව ජීවත් වන කොළඹ නගරයේ අපේ සහෝදර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා යම් පෙළඹවීමකට හෝ වෙනත් ආකාරයක නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධ නොවී මහල් නිවාස හෝ වත්ත ආශ්‍රිතව ඉතා සුළු කාලයක් රැඳී සිටින්න.”