පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේදී ළමයාගේ දෙමාපියන්ගේ නමට ඔප්පුව පැවැතිය යුතු බවට සඳහන් වීම වෙනස් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානයට ලක්ව තිබේ.
අද පුවත්පත්කතුවරුයන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදි මේ පිළිබඳව සාකච්ඡා වූ බවයි.
මෙම සාකච්ඡාවට එක්වූ මාධ්‍ය නියෝජිතයන් සඳහන් කළේ ඔප්පුව අනිවාර්ය වීම හේතුවෙන දෙමාපියන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවයි.
මෙම සාකච්ඡාවට එක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේ,
“ චක්‍ර ලේඛය සංශෝධනය කිරීමට අවධානය යොමුවුණා. ඡන්දහිමි නාමලේඛණයේ නම පැවැතීම පමණක් ප්‍රමාණවත් කියන තැනට කැබිනට් මණ්ඩලයේ එකඟතාව පැමිණියා” යැයි යනුවෙනි.