සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමගින් පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 45ක පරජයක් අත්විදිමට ශ්රී ලංකා කණ්ඩායමට සිදුවිය.
නවසීලන්තයේ මවුන්ට් මනුගායි පිටියේ පැවැති තරගයේ කාසියෙ වාසිය දිනාගත් නවසලීන්තනය මුලින්ම පන්දුවට පහරදෙමින් ලකුණු 371ක් රැස්කළේය. නවසීලන්තය වෙනුවෙන් මාටින් ගප්තිල් ශතකයක්ද, කේන් විලියම්සන් හා රොස් ටේලර අර්ධ ශතක රැස්කරමින්ද දක්ෂතා දැක්වූහ.
ලකුණු 372ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49කදී සියලු දෙවා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 326ක් පමණි. ශ්රී ලංකාව වෙනුවෙන් කුසල් පෙරේරා ශතකයක් රැස්කළ අතර නිරෝෂන් දික්වැල්ල අර්ධ ශතකයක් රැස්කළේය.
නවසීලන්තය අවසන් පන්දුවාර කිහිපයේදී ශ්රී ලංකාවට දැඩි ප්රහාරයක් එල්ල කළ අතර ශ්රි ලංකාවේ මුල් පෙළ පිතිකරුවන් තිදෙනාගෙන් පසුව වෙනත් කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව ඉක්මවා යෑමට නොහැකිවිය.