කෘත්‍රිම පළිබෝධනාශක තහනම් කළ ලොව දෙවැනි හෝ තෙවැනි රට බවට රට පත්විය හැකි ජනමත විචාරණයක් වෙත ස්විට්සර්ලන්තය අද (13දා) ඡන්ද විමසීමකට යයි.
මීට අමතරව ත්රස්තවාදයට එරෙහිව සටන් කිරීම, CO2 විමෝචනය අඩු කිරීම සහ හදිසි කොවිඩ්-19 අරමුදල් සැපයීම වැනි නීති බලාත්මක කිරීම වෙනුවෙන්ද ස්විට්සර්ලන්ත සෘජු ප්රජාතන්ත්රවාදය යටතේ මෙම ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කරනු ඇත.
එහිදී වසර 10ක් තුළ කෘත්‍රිම පළිබෝධනාශක භාවිතය තහනම් කිරීම එක් ඡන්ද විමසීම් වැඩසටහනක අරමුණයි. ගෝලීය වශයෙන් භූතානය මීට පෙර රසායනික ද්‍රව්‍ය තහනම් කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන් විය. කෙසේ වෙතත් මෑතකදී ශ්‍රී ලංකාවද එවැනිම තීරණයකට පැමිණ තිබේ.
ආධාරකරුවන් පවසන්නේ කෘෂි රසායනික දැවැන්තයන් වන ස්විට්සර්ලන්තයේ සින්ජෙන්ටා සහ ජර්මනියේ බේයර් සහ BASF වැනි නිෂ්පාදන සෞඛ්‍යයට හා පරිසරයට අනතුරක් කරන බවයි.
පළිබෝධනාශක තහනම පිළිබඳ මුලපිරීමේ සම-කර්තෘ ඇන්ටොනෙට් ගිල්සන් පැවසුවේ, "අද දින ජනතාවට බරපතල සෞඛ්‍ය ගැටලු ඇති කරන පළිබෝධනාශක භාවිතය නැවැත්වීම අත්‍යවශ්‍යයි." යනුවෙනි.
එනමුදු නිෂ්පාදකයින් පවසන්නේ ඔවුන්ගේ පළිබෝධනාශක දැඩි ලෙස පරීක්ෂා කර නියාමනය කර ඇති අතර ඒවා නොමැතිව බෝග අස්වැන්න අඩුවනු ඇති බවයි.
එමෙන්ම බොහෝ ගොවීන් පවසන්නේ මෙවැනි තහනමක් නිසා ආහාර මිල ඉහළ යාම, රැකියා පිරිවැය සහ ආහාර ආනයනය ඉහළ යනු ඇති බවයි.
කෘත්‍රිම පළිබෝධනාශක ස්විට්සර්ලන්තයේ ජලය දූෂණය කරන බව පවසන වෙනම පානීය ජල වැඩසටහනක් ගැනද ඡන්දදායකයින් තීරණය කරයි. එවැනි පළබෝධනාශක නොමැතිව කටයුතු කරන ගොවීන්ට පමණක් සහනාධාර ලබාදිය යුතු බව එහි සඳහන් වෙයි.
කෙසේ වෙතත් අසාමාන්‍ය ලෙස උණුසුම් වූ උද්ඝෝෂණයකදී, ආධාරකරුවන්ට මරණ තර්ජන පවා එල්ල වූ අතර, ගොවීන් පැමිණිලි කළේ තම ජීවන රටාව නොතේරෙන නගර වැසියන් තමන්ව වටලනු ලැබූ බවයි.
කෙසේ වෙතත් මෙම තීරණය අනුමත වුවහොත්, යෝජනා මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනු ලබන අතර රජය විසින් පාර්ලිමේන්තුවට ආමන්ත්‍රණය කිරීම සඳහා ක්‍රියාත්මක කිරීමේ නීති කෙටුම්පත් කරනු ලැබේ.
මීට අමතරව මෝටර් රථ ඉන්ධන සඳහා වන අධිභාරය වැඩි කිරීම සහ ගුවන් ටිකට් පත් සඳහා බද්දක් පැනවීම වැනි ක්‍රියාමාර්ග තුළින් කාබන් ඩයොක්සයිඩ් (CO2) විමෝචනය තවදුරටත් අඩු කිරීම අරමුණු කරගත් නව නීතියක් ගැන ඡන්දදායකයින් තීරණය කරනු ඇත.
කෙසේ වෙතත් ස්විට්සර්ලන්තය ගෝලීය කාබන් විමෝචනයෙන් 0.1%කට පමණක් වගකියන රටක් බැවින්, මෙම නව නීතිය මගින් ව්‍යාපාර පිරිවැය ඉහළ යනු ඇති අතර, පරිසරයට උදව් නොකරන බව විරුද්ධව අදහස් දක්වන්නෝ පවසති.
එසේම ත්රස්තවාදයට එරෙහිව සටන් කිරීමට පොලිසියට නව බලතල ලබාදෙන නීතියක ඡන්දයකට මුහුණ දෙයි. 12 හැවිරිදි වියේ පසුවන සැකකරුවෙකුට පවා නියෝග නිකුත් කිරීමටත්, සංචාරක තහනම් කිරීම් වළක්වාලමින් විභව වැරදිකරුවන්ගේ ගමන් බිමන් නිරීක්ෂණය කිරීම හා සීමා කිරීමටත් මෙම නීතිය මගින් පහසු කරයි.
රජය පවසන්නේ මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් ත්‍රස්ත ප්‍රහාර වැළැක්විය හැකි බවයි.
පසුගිය වසරේ හඳුන්වා දීමට පෙර ප්‍රමාණවත් මහජන අදහස් විමසීමක් නොතිබූ බව විරුද්ධවාදීන් පවසන තාවකාලික කොවිඩ්-19 සහන සැලසීමේ නීතියට ඡන්ද දායකයින්ගේ අනුමැතිය අවශ්‍ය වේ.
එහිදී අවන්හල් සහ හෝටල් වැනි දැඩි පීඩාවට පත්වූ කර්මාන්ත සහ සංස්කෘතික, ක්‍රීඩා සහ මාධ්‍ය වැනි වෘත්තීන් වෙත කෙටිකාලීන වැඩ කිරීමේ යෝජනා ක්‍රමයක් සඳහා ආධාර කිරීම සඳහා නීතිය ස්විට්සර්ලන්ත ෆ්රෑන්ක් බිලියන 35ක් (ඩොලර් බිලියන 39ක්) වෙන් කිරීමට නියමිතය.