පොළොන්නරුව මහ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබු රෝගි කාන්තාවක් කෝවිඩ් 19 ආසාදිත රෝගියෙකු (16) දින බව හදුනා ගැනිමෙන් පසු හදිසි ප්‍රතිකාර කටයුතු හැර සෙසු රෝගීන් ඇතුලත් කිරිම තාවකාලික නවතා දමා ඇති බව එහි පරිපාලන අංශය මහජනතාව වෙත දන්වා සිටි.
මෙම රෝගි කාන්තාව වෙනත් රෝගි තත්වයක් සදහා ප්‍රතිකාර ලබමින් සිටි 22වෙනි වාට්ටුව හුදකලා කිරිමටත් එහි සේවය කල වෙද්‍යවරුන් , හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය 42 දෙදෙනෙකු නිරෝධනය කිරිමට සෞඛ්‍ය අංශ විසින් කටයුතු කර තිබේ.
මෙම කාර්යමණ්ඩලය පි.සි.ආර්. පරික්ෂණ ද සිදු කිරිමට නියමිතව තිබේ.
මෙම කෝවිඩ් 19 ආසාදිත කාන්තාවගේ පවුලේ අය සහ ආශ්‍රිතයන් 20 දෙනෙකු නිවාස තුලම නිරෝධායනයට ලක් කිරිමට කටයුතු කල බව පොළොන්නරුව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේඥ වෛද්‍ය ඩබ්.කේ.ඩබ්.එස්. කුමාරවංශ මහතා පවසා සිටි.