පොළොන්නරුව හතමුණ මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින් දෙදෙනා අද (19) දින අලුයම ට්‍රිපර් රථයක් විසින් යටකර දමා පලා ගොස් ඇති බව පොළොන්නරුව පොලිසිය පවසයි.
හතමුණ පොලිස් මාර්ග බාධකයේ පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු 18 දින පස්වරුවේ සිට 19 දින අලුයම දක්වා රාජකාරියේ නිරතව සිට ඇත.
හබරණ දෙස සිට මඩකලපුව දෙසට ධාවනය වෙමින් තිබු ට්‍රිපර් රථයක් අලුයම 4.00 පමණ එක්වරම මාර්ග බාධකයේ මාර්ග බාධක කඩාගෙන එහි තිබු මුර කුටියද යට කරගෙන ගොස් තිබේ. එම අනතුර සිදුවන අවස්ථාවේ මුර කුටිය අසල රාජකාරියේ යෙදි සිටි පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා තුවාල ලබා තිබේ. අනතුර සිදුකල ට්‍රිපර් රථය නොනවත්වා ධාවනය කර තිබේ.
මෙම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ පොලිස් සැරයන් එම්. කේ.එස් මුස්තාපා සහ පොලිස් කොස්තාපල් ආර.කේ.ඩී. රත්නායක යන දෙදෙනා තවාල ලබා පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සටින බව පොළොන්නරුව පොලිසිය පවසයි.
උතුරුමැද පළාත් ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ සහ පොළොන්නරුව ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ නියෝග පරිදි පොළොන්නරුව කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඔෂාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් පොළොන්නරුව මුලස්ථාන පොලිස්ථානයේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මනෝජ් පද්මලාල් මහතා සහභාගිත්වයෙන් රථවාහන අංශයේ නිලධාරින් ඇතුළු පොලිස් කාණ්ඩායමක් පලාගිය ට්‍රිපර් රථය සොයා විමර්ශන ආරම්භ කල බව කියයි.