පොළොන්නරුවේ සියලු වැවි පිරි පවතින බැවින් එම වැවි පරිහරණය කිරිමෙන් වැළැකි සිටින ලෙස පොළොන්නරු දිස්ති‍්‍රක් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි.
මේ දිනවල බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලාශ වල ජල මට්ටම ඉහළ ගොස් ඇති හෙයින් ඒවා භාවිත කරන ජනතාවට අනතුරක් ඇතිවිය හැකි හෙයින් ඔහු මෙම උපදෙස් ලබා දී තිබේ.
මේ වන විට පරාක්‍රම සමුද්‍ර යේ ජල මට්ටම ඉහළ ගොස් එහි වාන් දොරටු සියල්ලම විවෘත කර තිබේ. වැසි තත්ත්වය තවදුරටත් පැවැතිය හොත් මහවැලි ගඟ පිටාර ගොස් ගංවතුරක් ඇති විය හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
හිගුරක් ගොඩ පියතිලක