පොළොන්නරුවේන් අද දින වනවිට හමුවු කොවිඩ් රෝගින් සංඛ්‍යාව 67 දක්වා ඉහළ ගොස් ඇති බවත් දැනට හුදකලා කර ඇති හිගුරක්ගොඩ සිරිකෙත සහ කුමාරගම යන ගම්මාන වලින් පමණක් ආසාදිත රෝගින් 26 දෙනෙකු හදුනාගෙන ඇති බව පොළොන්නරුව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේඥ වෛද්‍ය ඩබ්.කේ.ඩබ්. එස්. කුමාරවංශ මහතා පවසයි.
පොළොන්නරුවේ කොවිඩ් 19 සම්බන්ධයෙන් අප විමසා සිටි අවස්ථාවේ පොළොන්නරුව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා මෙසේ පැවැසිය.
මේ වන විට හිගුරක්ගොඩ සිරිකෙත සහ කුමාරගම ගම්මාවල පවුල් 35ක් නිරෝධායනයට ලක්කර ඇති බවයි. ඇන්ටිජන් පරික්ෂන 100ක් (26) දින සිදු කල අතර අද දිනයේ එම පරික්ෂන 200ක් කිරිමට කටයුතු කර තිබෙනවා.
දැනට ප්‍රතිකාර ලබන රෝගින් සංඛ්‍යාව 67ක් වන එයින් සුවය ලබා දෙනෙකු පිටව ගොස් ඇති බව පොළොන්නරුව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේඥ වෛද්‍ය ඩබ්.කේ.ඩබ්. එස්. කුමාරවංශ මහතා පවසයි.