පළාත් සභා මැතිවරණයට අදාළ නාම යෝජනා නොවැම්බරයේදී කැඳවීමට හැකියාවක් ලැබෙනු ඇති බවත් ඒ අනුව මැතිවරණය ජනවාරියේදී පැවැත්වීමට හැකියාවක් ලැබෙනු ඇති බවත් මැතිවරණ කෙමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
කෙසේ වෙතත් ඒ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවේ වාර්තාවත්, පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුසාතාෆා මහතා පනතට කරන සංශෝධනත් අවශ්‍ය බව ඔහු ප්‍රකාශ කළේය.
කාන්තා දේශපාලන ක්‍රියාකාරීන් වෙනුවෙන් පැවති වැඩමුලුවක සහතික ප්‍රදානෝත්සවයකට ඊයේ (03) කොළඹදී එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
"පරණ ක්‍රමයට යනවනම් ඒ ක්රමයේ ආකෘතිය අපි ළඟ තියෙනවා. නමුත් නව ක්රමයේ ආකෘතිය අපි සකස් කර නෑ.
බොහෝ දෙනෙක් අහනවා කොමිෂන් සභාව මොකක්ද කරන්නේ නැත්තේ කියලා. අපි කරමින් ඉන්නේ. ඡන්දය තැබිමට අවශ්‍ය ක්‍රියාමාර්ගය දැන් ක්‍රියාත්මක වෙනවා.
අග්‍රාමාත්‍යතුමා ප්රමුඛ පංච පුද්ගල කමිටුවේ වැඩ ඔක්තෝබර් මාසය වන විට ඉවර කරයි. ඒ අතර තුළ පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පනතේ අඩුපාඩු හදයි.
අපි විශ්වාස කරනවා නොවැම්බර් මාසයේ මුල නාමයෝජනා කැඳවන්න පුළුවන් වෙයි. ජනවාරි මාසේ මුල මැතිවරණය පවත්වන්න පුළුවන් වෙයි කියලා”