පළාත් සභා අහෝසි කරන්නේ නම් පළාත් සභාවල ඇති බලය පළාත් පාලන ආයතනවලට ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පසුගිය 11 දා පැවැති සාකච්ඡාවකදී සඳහන් කළ බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.
පක්ෂයේ නියෝජිතයන් කොළඹට කැඳවා පසුගිය 11 දා පැවැත්වූ සාකච්ඡාාවේදී බැසිල් රාජපක්ෂ මහතා එවැනි කිසිඳු ප්‍රකාශයක් නොකළ බවද එම පක්ෂයෙ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.