පළාත් සභා මැතිවරණය සහ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මේ දිනවල කතා බහට ලක්ව තිබෙන බැවින් රජයට තුනෙන් දෙකක බලයක් ලැබී ඇති මේ අවස්ථාවේ පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමට මැදිහත් වියයුතුව ඇති බව ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.
ගම්පහ ප්‍රදේශයේ පැවති ආගමික වැඩ සටහනකට වැඩම කළ උන්වහන්සේ එම වැඩසටහන අවසානයේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් එසේ සදහන් කළහ.
මෙහිදී සීලරතන හිමියෝ මෙසේද පැවසූහ.
" මේ වනවිට ව්‍යවස්ථා සංශෝධන කිහිපයක් ගෙනැවිත් තිබෙනව. ඒ කිසිම ව්‍යවස්ථාවකින් කිසිම නායකයෙකු නිසියාකාරයෙන් කටයුතු කළේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා දශක තුනක් පුරා මෙරට තිබුනු යුද්ධය අවසන් කළා, විධායක ජනාධිපති ධූරය නිසා. නමුත් 19 වන ව්‍යවස්ථාව ආවට පස්සෙ කිසිම දෙයක්, කිසිම වේලාවක අදාල පුද්ගලයාට කිසිම දෙයක් කිරීමට නොහැකි උනා.
මේ වනවිට 19 වෙනි ව්‍යවස්ථාව අහෝසි කරල 20 වෙනි ව්‍යවස්ථාවකට එළඹිලා තිබෙනව. මේ විසි වෙනි ව්යවස්ථාවෙදි හොද පුද්ගලයෙකුට මේ බලතල ගියොත් හොඳයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නරකයි කියා කියලත් නැහැ. කියන්නෙත් නැහැ. මොකද ගෝඨාභය රාජපක්ෂ කියන්නෙ , යුධ හමුදාවෙ සේවය කළ නිලධාරියෙක්. ඔහු රටට ආදරෙයි. ඔහු දන්නව මේ මගේ රට, මා ඉපදුන රට , මේ රට ආරක්ෂා කළ යුතුයි කියල.
මේ නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයට විසි වෙනි ව්‍යවස්ථාව අනුව බලතල ගියාට ප්‍රශ්ණයක් ඇත්තේ නැහැ. මෙතුමන් ජනාධිපති වී සිටිනකල් හොදයි. නමුත් යම් ලෙසකට මගෙ දෙයියෝ , මේක මොලේ කැළලක් නැති ඒ වාගේම ශ්‍රී මුඛයෙන් වැනි අයට ගියොත් වෙන්නේ මොකක්ද කිය සිතා ගන්නට බැහැ. ආන්න ඒ වගේ අයෙකුට බලතල ගියොත් රටත් විනාශයි. දරුවොත් විනාශයි. අර පියා කරපු දේම මෙයාල කරගෙන යනව.ඒ නිසා මම කියනව , ව්‍යවස්ථා සංශෝධනයකට යාමට පෙර 19 වෙනි ව්‍යවස්ථාව අහෝසි කොට 20 වෙනි ව්‍යවස්ථාව අනුව වැඩ කරන්න පුලුවන් ගෝඨාභයට. ඉන් පස්සෙ එන කෙනා ගැනත් අපි බැලිය යුතුයි.
ඒ වාගේම අනෙක තමයි අපි 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කරනවා වගේම, මේ විසි වෙනි සංශෝධනයට ඇතුලත් වන ඇතැම් කරුණු මම පිළිගන්නේ නැහැ. අත්‍යාවශ්‍ය කිහිපයක් තිබෙනවා. කොමිෂන් දෙකක් ඉවත්කර තිබෙනව. මේ කොමිෂන් දෙක ඉවත් කිරීම ගැන අපේ පැහැදීමක් නැහැ. විගණන කොමිෂම ඉවත් කළාම විගණනනය කරන්නේ කවුද ? ඒ බලතල ජනාධිපති යටතට ගෙන තිබෙනව.අනිවාර්යයෙන්ම විගණනයක් රටේ තිබිය යුතුයි.
ඒ වාගේම තමයි මේ පළාත් සභා ක්‍රමය. පසුගිය අවුරුදු දෙකක කාලය තුල පළාත් සභා කවුරුවත් පාලනය කළේ නැහැ. පාලනය යනව. මේ නිසා මෙම පළාත් සභා ක්‍රමය අපිට අවශ්‍යද කියා බැලිය යුතුයි. අපිට පළාත් සභා ක්‍රමයක් අවශ්‍ය නැහැ.
රජයට තුනෙන් දෙකක බලයක් ලැබී ඇති නිසා 13 වෙනි ව්‍යවස්ථාව අහෝසි කොට ඊළඟට පළාත් සභා අහෝසි කිරීමට මැදිහත් වියයුතුයි.පළාත් සභා අහෝසි කිරීම හොඳයි. මේ පළාත් සභාවලින් ප්‍රයෝජනය ගන්නේ මැති ඇමතිවරුගේ දුවල , පුතාල , අක්කලා , නංගිලා, මල්ලිලා තමයි . හයක් හතරක් නොදන්නා අය පළාත් සභාවට ගිහින් ඊළඟට පාර්ලිමේන්තුවටත් යනව. "
තිලකරත්න දිසානායක