පළාත් සභා රෝහල් රැසක් මධ්‍යම රජයට පවරා ගන්නා ලෙස යෝජනා ඉදිරිපත් වී ඇතත්, එය ක්‍රියාත්මක නොකරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
නැගෙනහිර පළාතේ දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව ප්‍රථම වරට සංවිධානය කළ ජාත්‍යාන්තර දේශීය වෛද්‍ය ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
"මම නිරන්තරව කියන දෙයක් තමයි බලය බෙදා හැරිය යුතුයි කියලා. බලය බෙදීම පිළිබඳ කතා කරන නිසා පළාත් සභා සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලදී පළාත් රෝහල් මුහුණ දෙන ගැටලු කතා කරනවා. රෝගී සත්කාරක සේවා සිදුකිරීමේදී ඉන් ප්‍රතිකාර ලබා ගැනීමට එන රෝගියා රෝහල මධ්‍යම රජයේද, පළාත් සභාවේද කියලා දන්නේ නැහැ.
ඔවුන් එන්නේ ප්‍රතිකාර ලබා ගැනීමටයි. ඒ අනුව පළාත් සභා රෝහල් සංවර්ධනය සඳහා පසුගිය වසර තුළ අවශ්‍ය ප්‍රතිපාදන ලබාදී තිබෙනවා. මම සෞඛ්‍ය ඇමතිකම භාරගත්තාට පස්සේ දේශීය වෛද්‍යවරුන් 900කට රැකියා නැතිව හිටියා. ඒ අයට මම ඒ රැකියා අවස්ථා ලබා දුන්නා" යැයි පවසා සිටියේය.
ත්‍රිකුණාමලය චමෝද්‍යා