පළාත් පාලන ආයතනවල සිටින ශ්රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම හා ශ්රී ලංකා පොදුජන පෙරමුණ කණ්ඩායම එකට එකතු වී කටයුතු කිරීමට අද (21දා) එකඟතාවකට පැමිණි බව ශ්රී ලංකා පොදුජන පෙරමුණ සභාපති ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේය.
මේ අනුව කණ්ඩායම් දෙකම එකට එකතු වූ පසු තවත් ආයතන කිහිපයක බලය හිමිවන බවත්, මීට අමතරව පළාත් පාලන ආයතනවල බලය ශක්තිමත් වන බවත් ඔහු පවසා සිටියේය.
පක්ෂ දෙක එකට එකතු වී පුළුල් සන්ධානය ගොඩනැගීම පිළිබඳ අද (21 දා) පැවැති සාකච්ඡාවේදී මේ බව තීරණය කළ බවද ඒ මහතා පැවසීය.