පළාත් පාලන ඉතිහාසයේ ඉහළම වංචාව වත්තල මාබෝල නගර සභාවෙන් සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී නිමල් ලන්සා මහතා පාර්ලිමේන්තුවේ සඳහන් කළේය.
වත්තල මාබෝල නගර සභාවට අයත්ව පැවැති ඉඩමක් විකිණීමේදී රුපියල් ලක්ෂ 50ක පමණ වටිනාකමකින් යුත් පර්චස් 70ක් රුපියල් ලක්ෂ 12ක් වැනි මුදලකට ලබාදී ඇති බවත් ඔහු ප්රකාශ කළේය.
අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු සඳහන් කළේ එම ඉඩම් විකිණීම සඳහා ටෙන්ඩරය සඳහා අයදුම් කිරිමට හිතවතුන්ට පමණක් අවස්ථාව ලබාදී ඇති බවත් ඔහු චෝදනා කළේය.
මේ හරහා ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 3000ක පමණ අලාභයක් සිදුව ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේය.