මධ්‍යම, සබරගමුව හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට ඉදිරි පැය 36 ඇතුළත මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම සබරගමුව, මධ්‍යම, දකුණු, බස්නාහිර හා ඌව පළාත්වලත් අනුරාධපුර හා වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස 2.00 පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවන බවත් ඒම දෙපාර්තමේන්තුව පවසයි.
පසුව එම තත්ත්වය නැගෙනහිර පළාතට පැතිර යා හැකි බවත් ඔවුන් නිකුත් කළ නිවේදයක දැක්වෙයි.
එසේම දෘෂශ ලෙස සූර්යයා උතුරට ගමන් කිරිමේදී හෙට (09දා) දහවල් 12.11ට මහවැව, අලළුව, කදහපොල, උහුමිය, උඩගම, කන්දනුවර, ගිරාඳුරුකෝට්ටේ, එල්ලේගොඩ, ගල්මෙද හා පෙරියනිලවානෙයි යන ප්‍ර දේශවලට සූර්යය සෘජුවම ඉහළින් පවතින බව ඒම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.