අද දිනයේදී විශේෂයෙන් ඌව, සබරගමුව, මධ්‍යම හා බස්නාහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඌව. සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වලත් අනුරාධපුර හා වවුනියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතවන අතර පසුව ඒම තත්ත්වය නැගෙනහිර පළාතට හා මුලිතිව් දිස්ත්‍රික්කයට පැතිර යා හැකි බවත් අද පෙරවරුවේන ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඌව, මධ්‍යම හා සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි අතර එම පළාත්වල ප්‍රභල අකුණු තත්ත්වයන්ද ඇතිවිය හැකි බවත් ඔවුන් පේනවා දෙයි.