බස්නාහිර ,සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.
ඇතැම් ස්ථානවලට මි.මි 50ට වැඩි තරමක තද වැසිද ඇති විය හැක.
ඌව පළාතෙන් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
දිවයින හරහා විශේෂයෙන්ම උතුරු ,උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හම්බන්තොට මහනුවර ,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මි 50 පමණ සුළං ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මගින් සහ තාවකාලික තද සුළං මගින් සිදුවන අනතුරු අවම කර ගැනිමට පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.