අද (13) මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණය සපුරා තහනම් බව යුද හමුදාපතිවරයා නිවේදනය කර සිටියි. සැප්තැම්බර් මස 15 වනදායින් පසු කොවිඩ් මර්දන එන්නත් ලබාගත් බවට සඳහන් කාඩ් පත නොමැති පුද්ගලයින් පොදු ස්ථානවලට පැමිණීමේදී පරීක්ෂාවට ලක්කරන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
පළාත් අතර පොදු ප්‍රවාහන සේවාද අත්හිටුවා ඇත.
සංචාරක, වරාය, ඇඟලුම් කර්මාන්ත ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් පළාත් අතර සංචරණය කිරීම සඳහා අවසර හිමිවේ.
රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකෙහිම කාර්ය මණ්ඩලය සේවයට කැඳවීමේදී අවශ්‍යතාව අනුව අදාළ පළාතෙන් පිට පදිංචි සේවකයන් කැඳවීමේ බලය ආයතන ප්‍රධානියාට පැවරෙයි.
පෞද්ගලික ව්‍යාපාරික ආයතනවල කාර්ය මණ්ඩලය සේවයට කැඳවිය යුත්තේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව සේවා ස්ථානයේ ඉඩ ප්‍රමාණය ද සැලකිල්ලට ගනිමින්ය.
අවන්හල්, සාප්පු සංකීර්ණ, සහ වෙළෙඳසැල් පවත්වාගෙන යෑමේදී ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කළයුතු බවද යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.