සීමාසහිත ලංකා පොහොර සමාගමට හා සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගමට සැපැතැම්බර් මාසය සඳහා අවශ්‍ය පොහොර මෙට්‍රික් ටොන් 75500ක් මිලදී ගැනිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඒ අනුව යූරියා (ග්‍රැනියුලා) මෙට්‍රික් ටොන් 54000ක් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 305කටත්, යූරියා (ප්රිල්) මෙට්‍රික් ටොන් 6500ක් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 325ක මුදලක් ඇග්‍රී කොමොඩිටීස් ඇන්ඩ් ෆයිනෑන්ස් ආයතනයෙන් මිලදි ගැනීමට නියමිතය.
මීට අමරතව ට්‍රිපල් සුපර් පොස්පේට් මෙට්‍රික් ටොන් 15000ක් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 334.1ක මුදලකට ස්විස් සිංගප්පූර් ඕවර්සීස් එන්ටර්ප්‍රයිසස් වෙතින් මිලදී ගැනීමටත් නියමිතය.