කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරමින් හවුල් ව්‍යාපාරයක් කරන පුද්ගලයන් දෙදෙනකු අතර ඇති ඇතිවූ ආරවුලකින් අනතුරුව එක් පුද්ගලයකු අනෙකාට පහර දී ඝාතනය කර ඇතැයි පාදුක්ක පොලිසිය කියයි
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හෂාන් ලක්මාල් ගුණරත්න 27 නැමැත්තාය
පහර දුන් බවට සැක කරන පුද්ගලයා ප්‍රදේශය හැර පලාගොස් බව පොලිස් නිලධාරියකු පැවැසීය.
මියගිය පුද්ගලයාගේ කෑ ගැසීම ඇසී ඔහුගේ බිරිඳ නිවසින් පිටතට පැමිණ සොයා බැලිමේදී ඔහු වැටී සිටින අයුරු දැක පාදුක්ක රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පැයකට පමණ පසු මියගොස් තිබූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇතැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
පාදුක්ක පොලිසිය පරීක්ෂණ පවත්වයි
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ