කඩවත පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.
පසුගිය 17 දා මෙම පැහැරගැනීම සිදුව ඇති අතර කොස්තාපල්වරයාගේ සිරුර අද (21දා) පන්නල, බුළුගොඩද ප්ර දේශයේදී සොයාගෙන තිබේ.
කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මේ පිළිබදව විමර්ශන සිදුකළ අතර අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුව හෙට (22දා) පන්නල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.