නයිජීරියාවේ අබුජා ගුවන් තොටුපොළින් ගුවන්ගත වූ සැණින් කඩා වැටුණු එරට ගුවන් හමුදා යානා අනතුරින් යානයේ ගමන්ගත් සියලු දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව නයිජීරියානු ගුවන් හමුදාව පවසයි.
පසුගිය සතියේ බදාදා සන්නද්ධ කල්ලියක් විසින් කගරා රජයේ පාසලෙන් පැහැර ගැනුණු ළමයින් 42ක් සහ කාර්ය මණ්ඩලය බේරාගැනීමේ උත්සාහයේ කොටසක් ලෙස මෙම යානය නයිජර් ප්රාන්තයේ නිරීක්ෂණ මෙහෙයුම්වල යෙදී සිටින බව ගුවන් හමුදා ප්රකාශකයෙකු පැවසීය. මෙම පාසල් ළමයින් පැහැර ගැනීමේදී එක් සිසුවෙක් මිය ගියේය.
කෙසේ වෙතත් මෙම පාසල් ළමයින් ගලවා ගැනීමේ මෙහෙයුමට ගුවන් හමුදාව දිගටම සහාය දෙන බවත්, මෙම අනතුරට ලක්වූ යානයේ සිටි සියලු හමුදා සාමාජිකයන්ගේ පවුල් වෙත මේ සම්බන්ධයෙන් දැනුවත් කර, අනතුරට සම්බන්ධ පරීක්ෂණයක් සිදුකරන බවද ගුවන් හමුදාව කියා සිටියේය.
එරට පැහැරගනු ලැබූ සියලු දෙනා බේරා ගන්නා බවට සහතික වන ලෙස ජනාධිපති මුහම්මදු බුහාරි ත්රිවිධ හමුදාවට සහ පොලීසියට දුන් නියෝගයකින් පසුව මෙම ගලවා ගැනීමේ උත්සාහයන් සිදුකෙරෙමින් පැවතිණි.