නයිජීරියාවේ ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් පසුගිය සතියේ උතුරු මැද නයිජර් ප්රාන්තයේදී පැහැරගත් පාසල් සිසුන් 27 දෙනෙකු ඇතුළු 42 දෙනෙකු නිදහස් කර තිබේ.
නයිජීරියානු ආරක්ෂක අංශ විසින් පසුගියදා පැහැර ගැනීමකට ලක්වූ පාසල් සිසුවියන් 300කට වැඩි පිරිස සොයා සිදුකළ මෙහෙයුමක් අතරතුර මෙම පිරිස මුදාහැර ඇති බව කියයි.
මෙම පිරිමි දරුවන් පිරිස දුහුවිලි තැවරුණු ඇඳුම් සමග දැඩි කුසගින්නේ ආරක්ෂක හමුදා ආරක්ෂාව යටතේ ගම්මානයක් වෙත රැගෙන විත් ඇති අතර, ඔවුන්ගෙන් වැඩි දෙනා අවුරුදු 15 - 18ත් අතර වයසේ පසුවන බව කියයි.
මීට පෙර එරට ක්රියාත්මක වූ බොකෝ හරාම් සහ ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් විසින් පාසල් සිසු සිසුවියන් පැහැර ගැනීම සුලභව සිදුවූ අතර, ඇතැම් අවස්ථාවල එම සිසුවියන් ඔවුන්ගේ අඹුවන් ලෙස තබාගත් අවස්ථාද වාර්තා විය.
කෙසේ වෙතත් මේ වනවිට එරට ආයුද සන්නද්ධ කණ්ඩායම් විසින් කප්පම් සඳහා සමූහ පැහැරගැනීම් සඳහා පාසල් ඉලක්ක කරමින් සිටින බව කියයි.