අගෝස්තු 11 දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව ඉදිරියේදී ඔහු කටයුතු කරන ආකාරය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් ප්‍රකාශ කළේය.
“තව දින කිහිපයකින් අපේ අපේක්ෂකයා අපි නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනවා. අගෝස්තු 11 සුගතදාස ක්රීඩාණගනයේදී අපේ අපේක්ෂකයා කවුද කියන එක ලෝකයටම බලාගන්න පුළුවන්.
අපි අපේක්ෂකයා නම් කිරීම සිදු වුණාට පස්සේ එදිනම හවස කැලණි රජ මහා විහාරයේදී ආගමික වතාවත්වල යෙදෙනවා. අගෝස්තු දොළොස් වෙනිදා රුවන්වැලි මහා සෑය අභියස භික්ෂුන් වහන්සේ එක්දහස් පන්සීයක් වැඩම කර, ජයපිරිත සජ්ජායනා කරනවා. අනුරාධපුරයට හැටදහසක පමණ විශාල ජනකායක් එක්වෙයිි කියලා බලාපොරොත්තු වෙනවා.
දහතුන් වැනිදා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික කටයුතු සිදුකරනවා. ඒ ආගමික කටයුතු වලින් අනතුරුව නුවරට ඇවිත් දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමත් සිදු කෙරෙනවා. ඊට පස්සේ මැදමුලන හරහා කොළඹට පැමිණීමට කටයුතු සූදානම් කරලා තියෙනවා.”