මාතලේ කවුඩුපැලැල්ල ප්රදේශයේ පස් කපන ස්ථානයක ලොරි රථයට පස් පටවමින් සිටියදි ලොරි රථය මතට පස් කන්දක් කඩා වැටිමෙන් සිදු වු අනතුරින් ලොරි රථයේ රියදුරු මරණයට පත්ව ඇති බව පොලිසිය කියයි.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ මාතලේ කවුඩුපැලැල්ල කුරුදුගස්පිටිය ප්රදේශයේ පදිංචි නිශාන්ත විජේතිලක (43) හැවිරිදි අයෙකු බවද පොලිසිය කියයි.
මෘත ශරිරය මාතලේ මහ රෝහල් මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ මුලස්ථාන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.