ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය අනිවාර්යය බවත්, ජයග්‍රහණය පෙනෙන විට අධිකරණය හරහා හෝ ඔහුව නැවැත්විමට උත්සාහ කරන බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මහනුවරදී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමෙන් පසු මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව අද (24දා) පැවැසීය.
“ ජයග්‍රහණය පේන කොට අධිකරණ මගින් නවත්වන්න හදන්නේ. මුල ඉදන්ම දක්කා මෙයි තමයි තර්ජනය කියලා.
වාර්තාව සකස් කරන කණ්ඩායමේ යම් යම් චෝදනා ලබපු අය ඉන්නවා. එ චෝදනා තියෙන අය වාර්තාවක් සකස් කරන විට පක්ෂග්රාහී වෙයි.
ප්රජාතන්ත්රවාදය රකින්න එන මනුස්සයෝ පිස්සු සුනඛයෝ වගේ වැඩ කරන්න ගියොත් නරක ආදර්ශයක් වෙයි.ජයග්‍රහණය ස්ථිරයි. මූණෙන් පෙන්නේ නැත්ද?”