පස්සර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොවිඩ් 19 ආසාදිතයන් 8 දෙනෙක් හදුනාගෙන ඇති අතර ඔවුන් මැණික් ව්‍යාපාරවලට සම්බන්ධ වූවන් බවත් බඩල්කුඹුර ප්‍රදේශයේ මැණික් පතල් ආශ්‍රිතව මෙම පොකුර නිර්මාණය වන්න ඇතැයි විශ්වාස කරන බවත් ඌව පළාත් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිමල් ශාන්ත ගමගෙදර මහතා පැවසීය.
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතාගේ සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී (17) දා පැවති කොවිඩ් පැතිරයාම වැලැක්වීමේ සාකච්ජාවේදී , ගමගෙදර මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙම ආසාදිතයන්ගේ ආශ්රීතයන් සොයා පී.සී.ආර්. පරික්ෂණ වලට යොමුකිරීමට දැනටමත් පියවරගෙන ඇති බවයි .
පාලිත ආරියවංශ