ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබියදී පස්සර 13කණුව ප්රදේශයේ දී ප්රපාතයකට පෙරලීගිය පෞද්ගලික බස්රථය මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ ප්රධාන මෝටර් රථ පරික්ෂක උපුල් හේරත් මහතා ඇතුළු කණ්ඩායමක් මගින් ඊයේ (21දා) පරීක්ෂාවකට ලක් කළේය.
අඩි 250ක පමණ ප්රපාතයකට පෙරලීගිය මෙම අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථය අධික ලෙස හානියට පත්විය.
කඹ වල ආධාරයෙන් මෙම නිළධාරීන්, පොලිස් නිලධාරීන් ප්රපාතයට අපහසුවෙන් ප්රපාතයට බැස සුන්බුන් ගොඩක් බවට පත්ව අනතුරට ලක්ව තිබූ පෞද්ගලික බස්රථය ,එහි කොටස් පරීක්ෂණය කළහ .
ඇල්ල ප්රසාද් රුක්මල්