පස්සර 14 කනුව ප්‍රදේශයේදී ඉකුත් 20 වනදා සිදුවූ මාරක බස් අනතුර සම්බන්දයෙන් අත්අඩංගුවට ගනු ලැබූ බස්රථයේ රියදුරා සහ ටිපර් ලොරි රථයේ රියදුරා ලබන 25 වනදා රක්ෂිත බන්ධනාගර ගත කරන ලෙසට බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් සුජීවන සිල්වා මහතා (21) නියෝග කළේය
බස්රථයේ රියදුරාවූ නිමල් චන්ද්‍රකාන්තන් නැමත්තා , මගීන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්කරමින් තවත් මගීන් පිරිසකට තුවාල සිදුකරමින් අපරික්ෂා කාරි ලෙස රිය පැදවීම හා අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනා සම්බන්ධයෙන් බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීම පස්සර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා බදුල්ල මහ රෝහලට ගොස් ඔහු පරීක්ෂා කිරිමෙන් පසු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට නියෝග කළේය .
ඒ අනුව රෝහලේ සිටියදීම බන්ධනාගාර නිලධාරින් යටතට පත්කර තිබේ . .
ටිපර් රථයේ රියදුරාවූ දිසානයක මුදියන්සේලාගේ චන්ද්‍රකුමාර් නැමත්තාට අපරික්ෂා කාරිව රිය පැදවීම යන චෝදනාව එල්ලවී ඇති අතර පස්සර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ඔහු බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් සුජීවන සිල්වා මහතා වෙත ඉදරිපත් කිරීමෙන් පසු ලබන 25 වනදාදක්වා රක්ෂිත බන්ධනාගාර ගතකෙරිණ .
බදුල්ලේ පාලිත ආරියවංශ