කොවිඩ් 19 ආසාදිතයෙක් බවට පී.සී.ආර්. පරීක්ෂණයකින් තහවුරුවූ පස්සර කනවරැල්ල පදිංචිකරුවෙක් ඊට දින කීපයකර පෙර පස්සර පොලිස් ස්ථානයට පැමිණීමේ හේතුවෙන් ඔහු පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවේ සේවයකළ පොලිස් නිලධාරින් 6 දෙනෙකු ආශ්‍රිතයන් සේ සැකකර ඊයේ සිට ඔවුන්ගේ නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට ලක් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය .
එම පොලිස් නිලධාරින් 6 දෙනාගේ පී.සී.ආර්.පරික්ෂණ සිදුකර ඇති අතර වාර්තා බලාපොරොත්තුවෙන් සිටින බවද හෙතෙම පැවසීය .
පාලිත ආරියවංශ