එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා නැවතත් අග්රාමාත්යධූරයේ දිවුරුම් දීමට නියමිතව තිබේ. ඒ අනුව එළැඹෙන ඉරිදා දිනයේදී ඔහු නැවතත් අග්රාමාත්යධුරයේ දිවුරුම් දීමට නියමිත අතර ඔහු නැවතත් අග්රාමාත්යධුයේ දිවුරුම් දෙන්නේ පස්වැනි අවස්ථාවටය.
එක්සත් ජාතික පක්ෂය සදහන් කරන්නේ ඉරිදා පෙරවරු 10.00ට රනිල් වික්රමසිංහ මහතා නැවතත් අග්රාමාත්යධූරයේ දිවුරුම්දීමට නියමිත බවයි.
පසුගිය ඔක්තෝබර් 26 දා ජනපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අග්රාමාත්යධූරයට පත්කිරිමට කටයුතු කළත් පාර්ලිමේන්තුවේ බහුතරය ඔහුට ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් එය දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය විය.