ශ්‍රී ලංකාවේ ශිෂ්‍යන් 50ක් නැති පාසල් 1400ක් පවතින බවත් පාසල් 3000කට ආසන්න සංඛ්‍යාවක සිසුන් සංඛ්‍යාව 100ට අඩු බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය.
සිසුන් 500ට අඩු සංඛ්‍යාවක් සිටින පාසල් සංඛ්‍යාව සමස්ත පාසල් සංඛ්‍යාවෙන් සියයට 76ක් බවද ඔහු පැවැසීය.
ළමයි 35ක් සිටින පාසලකටද සම්පූර්ණ ගුරුවරුන් සංඛ්‍යාව යොදවීමට සිදුවීමෙන් අධ්‍යාපනය සඳහා රජය දරණ වියදම ඵලදායි නොවන බවත් ඔහු පැවැසීය.