ඩීසල් මිල ඉහළ දැමීමට සමගාමීව පාසල් ළමයින් ප්රවාහන රථ ගාස්තුව 5%කින් ඉහළ දමන බව සමස්ත ලංකා පාසල් ළමයින් ප්රවාහන සංගමය සඳහන් කරයි.
අදාළ මුදල මේ මස 25 වැනිදා සිට අය කිරීමට කටයුතු කරන බවත්, අවසන් වරට ගාස්තුව ඉහළ දැමුවේ ඩීසල් ලීටරයක මිල රුපියල් 109ක්ව තිබියදී බවත් එම සංගමයේ සභාපති මල් ශ්රී ද සිල්වා මහතා සඳහන් කළේය.
මේ වන විට ඩීසල් ලීටරයක මිල රුපියල් 123ක් බවද හෙතෙම පවසා සිටියේය.