පාසල් ළමුන් ඉලක්ක කර මත් ද්‍රව්‍ය නිෂ්පාදනය කළ ස්ථානයක් වටලා සැකකරුවෙක් හා සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් අනුව බම්බලපිටිය ධර්මාරාමපුර ප්‍ර දේශයේදි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අවුරුදු 26 හා 23 වැනි වයස්හි පසුවන සැකකරුවන් කලක පටන් මෙම ජාවාරම කරගෙන යන බවට අණාවරණය කරගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීමේදී ගංජා මිශ්‍ර කඩු ග්‍රෑම් 284ක්, දුම්කොල කිලෝ 1 ග්‍රෑම් 943ක්, අළු හුණු ග්‍රෑම් 750ක්, නිෂ්පාදනයට යොදාග් ඇඹරුම් යන්ත්‍රයක් සිය භාරයට ගෙන තිබේ.