මහනුවර ප්‍රදේශයේ පාසැල් දරුවන්ගෙන් කප්පම් ගැනිමේ සිද්ධින් කිහිපයක් මේ වන විට වාර්තා වි ඇති බවත් ඒ සම්බන්ධව දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව මහනුවර වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි යු බි පලිහවඩන මහතා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදි අවධාරණය කළේය.
පොලිස් අධිකාරිවරයා මෙසේ පැවැසුයේ ඊයේ (29) මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදි අදහස් දක්වමිනි.
මෙම පිරිස් තවත් ඇත්නම් ඔවුන් අත්අඩංගුවට ගැනිම සදහා අදාල ස්ථානවල සිවිල් ඇදුමින් සැරසුනු නිලධාරින් 50ක් පමණ යොදවා ඇති බවත් මේ සදහා අත්අඩංගුවට ගත් සැකකරුවන්ද මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් බවද පොලිස් අධිකාරි යු බි පලිහවඩන එහිදි අවධාරණය කළේය.
එහිදි පොලිස් අධිකාරිවරයා මෙසේ පැවැසිය,
මෙම පැසැල් දරුවන්ගෙන් බලහත්කාරයෙන් මුදල් ගන්නා පිරිස් එම ප්‍රදේශයේ නොව ප්‍රදේශයෙන් බැහැර උදවිය අය බව අනාවරණය වි ඇති බවද සදහන් කළ පොලිස් අධිකාරි යු බි පලිහවඩන මහතා මෙම පිරිස් පෞද්ගලික අධ්‍යාපනය ලබන ළමුන්ගෙන්ද බලහත්කාරයෙන් මුදල් ගැනිම් වාර්තා වි ඇති බවත් ඒ සදහාද විශේෂ පොලිස් කණ්ඩායම් 15ක් පමණ යොදවා ඇති බවද පොලිස් අධිකාරි යු බි පලිහවඩන මහතා එහිදි අවධාරණය කළේය.
මත්ද්‍රව්‍ය සම්බන්ධව මේ කාල පරිච්ඡේදය තුල වැටලීම් 1893 ක් මේ වන විට සිදුකර ඇති බවත් ඔවුන් සම්බන්ධව අධිකරණ කටයුතුද මේ වන විට ක්‍රියාත්මක වි ඇති බව සදහන් කල පොලිස් අධිකාරිවරයා මුදල් විශුද්ධි කරන පනත යටතේ පොඩි මුදලාලිලාට අමතරව විශාල වශයෙන් මුදල් තිබෙන අය සම්බන්ධව එම මුදල් උපයා ගත් ආකාරය , එම මුදල් ලැබුනු ආකාරය සම්බන්ධව ද විමර්ශන සිදුකරගෙන යනු ලබන බවද පොලිස් අධිකාරිවරයා එහිදි සදහන් කළේය.
මෙහිදි අදහස් දැක්වු සම්බන්ධිකරණ කමිටුවේ සභාපති වසන්ත යාපා බන්ඩාර මහතා පවසා සිටියේ විශේෂයෙන් පිරිමි පාසැල්වල ඉහල පන්තිවල දරුවන් හා පෞද්ගලික පන්ති වල අධ්‍යාපනය ලබන ළමුන් මත්ද්‍රව්‍ය වලට යොමු විම සහ ඒ සදහා යොමු කර ගැනිම් සිදුකරන ලබනු සියලු පිරිස් ගැන පොලිසියේ හා නිලධාරින්ගේ අවධානය යොමු කල යුතු බවද පැවසිය.