විහාරස්ථාන හා පිරිවෙන් වලට මෙන්ම පාසල් අධ්‍යාපනය සඳහා වත්මන් ආණ්ඩුව මෙන් මීට පෙර කිසිදිනෙක මෙතරම් විශාල මුදල් ප්‍රමාණයක් කවර හෝ ආණ්ඩුවකින් ලබා නොදුන් බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ පිරිවෙන්වල භෞතික සම්පත් සංවර්ධනය උදෙසා කාර්යාල ගොඩනැගිලි, සනීපාරක්ෂක පද්ධති හා පරිවේනාචාර්ය පත්වීම් ලිපි පිරිනැමීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (03) පැවති උත්සවයේදී ය.
“වචනයෙන් බෞද්ධ වෙලා වැඩක් නැහැ. එහෙම නැතිනම් තමන්ගේ බෞද්ධකම විකුණගෙන වැඩක් නැහැ. දේශපාලන බලය ගන්න සමහර දේශපාලන පක්ෂ වගේ අපි එහෙම කළේ නැහැ. අපි හදවතින්ම කරන්න ඕනම දේ විහාරස්ථානවලට විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්රයටත් ඉටු කළා.
පසුගිය අවුරුදු 05කට ආසන්න කාලය තුළ පාසල් අධ්‍යාපනයට , පිරිවෙන් අධ්‍යාපනයට මෙන්ම විහාරස්ථාන වලට ඉටු කළ විශාල වැඩ ගණනාවක් සිහිපත් කළ අමාත්‍යවරයා, තමා මධ්‍යම සංස්කෘතික අරමුදල භාරව සිටියදී රු.ලක්ෂ 05 බැගින් රටපුරා විහාරස්ථාන 1000කට ලබා දුන් බවත් රුවන්මැලි මහා චෛත්යබිමේ වැලි අතුරන ලද බවත් දීඝවාපිය සංවර්ධනයට වැය කිරිම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්රමුඛ කමිටුවකින් රු.කෝටි 75ක මුදලක් ලබාදුන් බවත් ප්‍රකාශ කළේය.
පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට රු.2500ක දීමනාවක් ලබා දීම සඳහා ඉකුත් අයවැයකින් මුදල් වෙන් කළත් විවිධ මත ගැටුම් නිසා ක්‍රියාත්මක කිරිමට අවස්ථාව නොලැබුණු බවද සඳහන් කළේය.
තව මාස දෙකකින් පමණ මෙරට සියලුම ජාතික පාසල්වල උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට නවීනතම උසස් තාක්ෂණයෙන් සමන්විත වටිනා ටැබ් පරිගණක ලබා දෙන බවද පැවසූ අමාත්‍යවරයා අනතුරුව තවත් මාස කීපයකට පසු රටේ සියලුම පාසල්වල උසස් පෙළ දරුවන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදෙන බවද අනවශ්‍ය දේ වළක්වා සිසුනට අවශ්‍ය පෙළපොත්, ප්‍රශ්නපත්‍ර ,අමතර කියවීම් සඳහා අවශ්‍ය දත්ත ඇතුළත් තාක්ෂණය මෙම ටැබ් පරිගණකවල අන්තර්ගත කරන බවද සඳහන් කළේය.
කෂිනි හපුආරච්චි