2019 වසර වෙනුවෙන් පළමු වසර පාසල් සිසුන් සඳහා මුද්‍රණය කරන ලද පාසල් නිල ඇඳුම් තිලිණපත්වල වලංගු කාලය දිර්ඝ කර තිබේ.
එහි අවසන් දිනය ලෙස පෙර 20 වෙනිදා සඳහන් කළ තිබුණද පාසල් නිවාඩු දිනයේ වෙනස්විමත් සමඟ එයද දිර්ඝ කර තිබේ.
ඒ අනුව පාසල ආරම්භ වන වන මැයි 6 වෙනිදා සැලකිල්ලට ගනිමින් තිළිණිපත්වල වලංගු කාලය මැයි 31 වෙනිදා දක්වා දිර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.