ජනාධිපති කාර්යාලය යටතේ පවත්වාගෙන යනු ලබන ජනාධිපති කාර්ය සාධන බළකායන්හි කි‍්‍රයාකාරිත්වය සහ විශේෂ ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබ`ද සාකච්ජාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
එ අනුව 2020 වසර වන විට ශ්‍රී ලංකාව දියර කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරීම සදහා ග්රාමශක්ති ජනතා වැඩසටහන යටතේ ගෙන යන වැඩපිළිවෙළට අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස කි‍්‍රයාත්මක පාසල් දරුවන්ට කිරි විදුරුවක් ලබා දීමේ වැඩසටහන එළඹෙන ජනවාරි මාසයේ සිට කි‍්‍රයාවට නැංවීමට ද ජනාධිපතිතුමා මෙහිදී අදාළ අංශ වෙත උපදෙස් දුන්නේ ය.
මත්දුව්‍ය නිවාරණ ජාතික වැඩසටහන, ග්‍රාම ශක්ති ජාතික වැඩසටහන, එල්ලංගා වැව් 2400 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන, ජාතික පරිසර සංරක්ෂණ වැඩසටහන, කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන් මෙන්ම ,පිබිදෙමු පොළොන්නරුව, දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහනේ කි‍්‍රයාකාරිත්වය සහ ප්‍රගතිය මෙහිදී විශේෂ සාකච්ජාවකට බදුන් විය.
එමෙන්ම දේශීය ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ දීප ව්‍යාප්තව කි‍්‍රයාත්මක කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන් පිළිබදව ද අවධානය යොමු විය. වැසි සමය සහිත මෙම කාලය එම වගාකටයුතු ප්‍රවර්ධනය සදහා ඉතා උචිත බව පෙන්වා දුන් ජනාධිපතිතුමා වගා කටයුතු සදහා ගොවි ජනතාවට නොමිලේ බීජ ලබාදීමේ වැඩසටහන් තවදුරටත් පුථල් කිරීමට ද උපදෙස් දුන්නේ ය.