ශ්‍රි ලංකා විදුහල්පති සේවා III වන ශ්‍රේණියට සුදුසුකම් ලැබු ගුරුවරුන් රැසකට යහපාලන රජය සමයේ එම පත්විම් ලබා නොදීම නිසා තමන්ට විශාල අසාධාරණයක් සිදු වු බව ඊයේ (9) දින එසේ අසාධාරණයට ලක් වු ශ්‍රි ලංකාව පුරා දමිළ හා මුස්ලිම් ගුරුවරු රැසක් ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා හට සිය අමාත්‍යංශයේ හමුවි සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කළහ.
2018 වර්ෂයේ ශ්‍රි ලංකා විදුහල්පති සේවාවේ III වන ශ්‍රේණියේ විදුහල්පතිවරුන් බදවා ගැනීම සදහා සීමා සහිතතරග විභාගයක් 2018.10.19 දින නිකුත් වු ගැසට් නිවේදනයකට අනුව 2019.02.10 වැනිදා පැවැත්වු අතර මෙම තරග විභාගයේ පත්වීම් ලබා දීමෙදි දේශපාලන පදනම මතලබා දීම නිසා තමන්ට බලවත් අසාධාරණයක් සිදුවු බව මෙම ගුරුවරු අමාත්‍යවරයාට පෙන්වා දුන්හ.
තමන් දැනට මේ පිළිබදව වෘත්තිය සමිතියක් පිහිටුවා ගෙන කටයුතු කරන අතර තම සමිතියේ ගුරුවරුන් තරගවිභාග වලදි විෂයන් 03කට ලකුණු 40 බැගින් ලබාගෙන මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 120ලබා ගැනීමට සමත්වු නමුත් තමන්ට අදාලපත්වීම් නොලැබුණු බව ඔවුන් කියා සිටියහ.
2018 සිට 2015 දක්වා වකවානුවේදි මෙවැනිතරග විභාග වලින් ලකුණු 120ක් ලබාගත් සෑම දෙනාටම විදුහල්පති පත්වීම් ලබාදුන් බව පෙන්වා දුන් මෙම සමිතියේ සාමාජිකයින් තමන්ට සිදු වු අසාධාරණයට සාධාරණයක් ඉල්ලා පසුගිය යහපාලන සමයේ පැමිණිලි කලාට තමන්ට සාධාරණයක් ඉටුනොවු බව ප්‍රකාශ කළේය.
විදුහල්පති සේවයේ 6.2-II විධිවිධාන වලටඅනුව සිංහල හා දෙමළ මාධ්‍ය අයදුම්කරුවන් වෙනවෙනම බදවා ගැනීම් විය යුතු බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසා ඇත.
නමුත් මෙම බදවා ගැනිම් වලදී එලෙසසිදු නොවු බව අමාත්‍යවරයාට ඔවුන් පෙන්වා දෙන ලදි. එම නිසා මෙමගින් අසාධාරණයට ලක් වුවන්ට එම පත්වීම් ලබා දීමට අවශ්‍ය කටයුතුකරන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.
එම ගුරුවරුන්ගේ ප්‍රශ්ණ දෙස ඉතා ඕනෑ කමින් සවන් දුන් අමාත්‍යවරයා අදාල අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡා කර අවශ්‍ය කටයුතු සිදුකරන බව පවසන ලදි.
මෙම සාකච්ඡාව සදහා ගුරුවරුන්ගේ සංගමයේ සභාපති එස්. මුලරිදරන්, ලේකම් කේ. ජනාර්තන් ඇතුළු අනෙකුත් පළාත්ගුරු භවතුන්ද සහභාගි විය.