පසුගිය කාලය තුළ මේ රටේ රාජ්‍ය සේවය කොයි තරම් බයාදු තත්ත්වයකට පත් වූවාදැයි යන්න රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට තුළින් ඔප්පුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
ජනතා විමුක්ති පෙරමුණ ගම්පහ කාර්යාලයේ පැවති උත්සවයකදී මාධ්‍යයට අදහස් දක්වමින් විජිත හේරත් මහතා මේ බව පැවසීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා මෙසේ පැවසීය,
" මේ රජය බලයට පත් වෙලා මාස දෙකක් වෙනව. ආණ්ඩුව කියපු දේවල් නොවෙයි දැන් කරමින් තියෙන්නෙ. රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මේ ගොන්පාට් වැඩ නිසා ඇත්තටම ජනතාවගේ ඇත්ත ප්‍රශ්න යට ගිහින් තිබෙනවා. ජනතාවගේ ඇත්ත ආර්ථික ප්‍රශ්න යට ගිහිල්ල . මේ විකාර වොයිස්කට් ඉදිරියට ඇවිල්ල තියෙනව. නමුත් ජනතාවගෙ ඇත්ත ප්‍රශ්න රංජන්ගෙ මේ වැඩ නිසා යටපත් වෙලයි තිබෙන්නෙ.
මාධ්‍ය :- එක්සත් ජාතික පක්ෂය පසුගිය රජය සමයේ රට පාලනය කොට ඇත්තේ රංජන් රාමනායක මන්ත්‍රීවරයාද ?
විජිත හේරත් :- " කවුරුත් දන්නව , රංජන් රාමනායක කියන්නේ මේ රටේ දේශපාලනයෙ විහිලු කාරයෙක් වෙලා සිටින්නෙ. ඒ විහිලුකාර චරිතය නිසා , අපේ රටේ බොහෝ නිල ආයතන සහ ඒ ආයතන නියෝජනය කරන පුද්ගලයින්ව හෑල්ලුවකට ලක්ව සිටනවා. ඔහුගේ ක්‍රියාකලාපය රටේ පාලනය හෑල්ලුවට ලක්විම ඇත්තටම රටක් විදිහට ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. "
මාධ්‍ය :- ඇයි රාජ්‍ය නිලධාරීන් පවා ඔහුට මේ විදියට පිළිතුරු සපයා ඇත්තේ.
විජිත හේරත් :- " අපේ රටේ රාජ්‍ය සේවය පසුගිය කාලය තුළ කොයි තරම් බයාදු තත්ත්වයට පත් උනාද කියන එක තමයි මින් ඔප්පු වන්නෙ. රාජ්‍ය සේවයට , අධිකරණ සේවයට ස්වාධීනත්වයක් ඇති කළානම් , ස්වාධීනත්වය තුළ මේ සේවාවන් යම් කාලයක් පැවතුනානම් මෙවැනි දුරකථන සංවාද අහන්න ලැබෙන්නේ නැහැ. "
මාධ්‍ය :- ඉදිරියේදි ජනතා විමුක්ති පෙරමුණටත් , හඬපට හරහා මෙවන් චෝදනා ඒවිද ?
විජිත හේරත් :- " ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සමග පැහැදිලිවම රංජන් රාමනායක මන්ත්‍රීවරයා සාකච්ඡා කළේ මහ බැංකු මංකොල්ලයේදී කෝප් කමිටුවේ සභාපතිවරයා නැතිව , කෝප් කමිටුව එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමක් විසින් කැඳෙව්ව. එදා ෆුට් නෝට් කල්ලිය , කෝප් කමිටු සභාපතිට එරෙහිව කටයුතු කළා. ඒ පිළිබඳව තමයි හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා , රංජන් රාමනායක මන්ත්‍රීවරයා සමග සාකච්ඡා කළේ. ඒ වගේම ඒ ඉදිරියේ කරපු විගණකාධිපති වාර්තාව හොඳට අධ්‍යයනය කරල එන්න කියන එකයි හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා කියන්නෙ. එහෙම නැතිව රංජන්ගෙ කුනුහරුප වලට හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා උත්තර දෙන්නෙ නැහැ. ඔහුගේ කුනුහරුප ඔහු කියද්දී හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා පැහැදිලිවම කෝප් කමිටුවේ මහ බැංකු මංකොල්ලය පිළිබඳව තමයි ඒ දුරකථන සංවාදයෙ යෙදුනෙ. අපි දේශපාලනමය වශයෙන් බොහෝ දේ යම් යම් පුද්ගලයින් සමග සාකච්ඡා කරනව. ඔය විකාර කතා කරල නැහැ. "
මාධ්‍ය :- වත්මන් රජය මොන මාර්ගයකද යන්නෙ.
විජිත හේරත් :- " ආණ්ඩුව කියපු දේවල් නොවෙයි දැන් කරන්නෙ. ලොකු කයිවාරු ගැහුව. මාසයක් හමාරක් යනවිට ඒ කියූ දේවල් ඔලුවෙන් සිටුවා තිබෙනව. දැන් රාජ්‍ය සම්පත් බදු දෙන්න , විකුණන්න පටන් අරන් තිබෙනව. බඩු මිල වැඩි වෙලා තිබෙනව. ඒ නිසා කියපු දේවල් නෙවෙයි දැන් කරන්නෙ. "
මාධ්‍ය :- මේ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුව තුළ මොන වගේ හඩක්ද නගන්නෙ.
විජිත හේරත් :- " පැහැදිලිව මේ රටට ප්‍රබල විපක්ෂයක් අවශ්‍යයි. ඒ ශක්තිමත් විපක්ෂයේ භූමිකාව, ජනතා විමුක්ති පෙරමුණේ අපි ඉදිරි පාර්ලිමේන්තුවෙදි අනිවාර්යයෙන්ම නියෝජනය කරනව. අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කවුරුන් ආණ්ඩු බලයට පත් කළත් විපක්ෂය ශක්තිමත් කරන්නයි කියල. විපක්ෂයේ හඬ පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් කරන්න ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනව. ජනතාව ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි විශ්වාසය තබා තිබෙනව. ඒ වගකීම අපි ඉටු කරනව."
ගම්පහ - තිලකරත්න දිසානායක