2015 මහා මැතිවරණය වෙලාවේදී විශාල බොරු චෝදනා නගමින් විවිධ සංවිධාන විවිධ රටවල් වලින් ලැබෙන ආධාර ඇතිව රජයට විරුද්ධව විශාල ව්‍යාපාරයක් ගෙනිච්චා එහි ප්‍රතිපලයක් ලෙස තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා එම ඡන්යෙන් පරාජයට පත්වුණේ.ඊට පස්සේ තමයි ඒ ඡන්ය වැරදි විදියට පාවිච්චි කරපු අය පසුතැවීමට ලක්වුන බව අමාත්‍ය චමල් රාජපක්ෂ කියා සිටි .
අමාත්‍ය වරයා මේබව කියා සිටියේ පසුගිය 23 වනදා හම්බන්තොට සිංගප්පුරු සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිවුවැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ තිස්සමහාරාම ආසන බලමණ්ඩල රැස්වීමට එක වෙමිනි
එදා ඒ පත්වෙච්ච ආණ්ඩුව රාජපක්ෂවරු දේශපාලනයෙන් ඉවත්කිරීමට භාවිතා කරමින් කටයුතු කරමින් වෙනම FCID කියල පොලිස් අංශයක් හැදුවා නීතියට පටහැනිව ඒ අය විවිධ චෝදනා ඔස්සේ ශාක්ෂි මවමින් චෝදනා ගොනුකරන්න කටයුතු කළා ඒ වගේම රජයේ නිලධාරීන්ටද එවැනි චෝදනා වලට ලක්කලා එසේ චෝදනාවට ලක්වූ පිරිස 8000කට වැඩි බවද අමාත්‍ය චමල් රාජපක්ෂ මෙහිදී කියා සිටියේය.
අද වෙනකොටා සූරියවැව මාර්තික උපවාසයක් කරනා මේ උපවාසය පිටුපස්සේ ඉන්නේ විවිධ සංවිධාන අපි හොදින් අදුනන අය ,සමහර මාධ්‍යයන් එයට වඩා ප්‍රචාරයක් දෙමින් උසි ගන්වමින් කටයුතුකරනවා ඒ අයගේ ඉල්ලීම සූරියවැව ඉදලා හම්බන්තොට දක්වා මහවැලි අධිකාරියට අයිති කලාපය තුළ වනජීවී එකට මුළු ප්‍රදේශයම පවරලා දෙන්න කියල. ඔබ දන්නවා මිට පෙර මේ ප්‍රදේශ නිසොල්මනේ තමයි වනජීවී එකට ගැසට් කලේ එනිසා සිදුවෙච්ච දේවල් පිළිබඳව බුන්දලප්රදේශයේ ඉන්න අය හොදට දන්නවා. ඒ නිසා අපි මේ මහවැලි ප්‍රදේශය ගැසට් කරන්න කියල අපි ජනාධිපති තුමා සමඟ සාකච්ඡා කරලා තියෙනවා . මේ සදහා 2011 හදපු ක්‍රමයක් තිබුනා අලි කළමනාකරණ වැඩ සටහනක් ඒ වැඩ සටහන පසුගිය කාලයේම ඒ වැඩ සටහන ක්‍රියාත්මක වෙලා නෑ.නමුත් අපි රේගුලසිත් හදල මෙය ගැසට් කරන්න කටයුතු කරන බවද අමාත්‍ය චමල් රාජපක්ෂ කියා සිටියේය.