පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයාබලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලසීමාව තවත් මාසයකින් දීර්ඝ කිරීමට අදාළ යෝජනාවක් මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයේදී ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.
එම විශේෂ කාරක සභාවේ නිල කාලය මෙමස 23 වැනිදායින් අවසන් වීමට නියමිතව ඇති අතර, එසේ වුවද විශේෂ කාරක සභාවේ කටයුතු මෙතෙක් අවසන් කර නොමැත.
මේ හේතුවෙන් එම කාරක සභාවේ කටයුතු තවත් මාසයකින් පමරණ දීර්ඝ කරන ලෙස කමිටුවේ සමාජිකයන් කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයාබලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු බොහෝ දුරට අවසන්ව ඇති බවත්, එසේ වුවද ජනාධිපතිවරයාගේ සාක්ෂි ලබාගැනීමට මෙන්ම කාරක සභා වාර්තාව සැකසීමටද තවදුරටත් කාලය අවශ්‍ය බවත් එහි සාමාජිකයෝ දැනුම්දී ඇත.