පාස්කු ප්‍රහාරය පසුපස දේශපාලන වුවමනාවන් පැවැති බවත් එම ප්‍රහාරය පිළිබඳව වත්මන් රජයත් පැවැති රජයත් අනුගමනය කරන ලිස්සා යන සුළු ක්‍රියාදාමය පිළිබඳව කනගාටුවන බවත් කොළඹ අඟරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සඳහන් කරති.
“මෙය අනුස්මරණ දිනයක් නෙමෙයි වේදනාත්මක දිනයක්
සත්‍ය යටදමා වරදකරුවන් නිවැරදි කිරීමේ ක්‍රියාවලියකට අප කිසිසේත්ම සහාය දෙන්නේ නෑ.
බරපතල අපරාධය සිදුවී වසර දෙකක් සම්පූර්ණ වුවත් මේ පිළිබඳව රටට හෙළිදරව් කිරීමට අපොහොසත්ව තිබෙනවා.
මේ කුරිරු මිනී මරැම කෙරෙහි එදා සිටි රජයත් වත්මන් රජයත් අනුගමනය කරන ලිස්සා යන සුළු ක්‍රියාදාමය පිළිබඳව අප කනගාටුයි.
මේ ප්‍රහාරය පසුපස දේශපාලන වුවමනාවන් තිබෙනවා.
පාස්කු ඉරිදින ප්‍රහාරය හරහා රටම ලේ විලක් කිරීමට ගිය ක්‍රියාවලිය නවතා ලීමට බෞද්ධ ජනතාව දැක්වූ සහාය අප අමතක කරන්නේ නෑ.
වර්ධනය වී ඇති බොදු - කිතුණු බැදීම ශක්තිමත් වී තිබෙනවා.
මේ කුමන්ත්‍රණය පිළිබඳව ඇත්ත දැනගත යුතුයි.මේ ක්‍රියාදාමය පසුපස සිටින්නේ කවුදැයි යන්න හොයා ගන්න බැරිව තිබෙනවා.
මේ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට කාටවත් හැකිවී නෑ.
හේතුව දේශපාලන යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන පාර්ශ්වයයි.
සත්‍ය යටපත් නොකර හෙළි දරව් කිරීම මනුෂ්‍යත්වයේ ගුණනයි.”