පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණ පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවත්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ කොමිසමෙන් සිදුකරනු ලබන පරීක්ෂණ පිළිබඳ පමණක් සතුටට පත්විය හැකි බවත් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.
එමෙන්ම ආරක්ෂක අංශ සිදුකරනු ලබන පරීක්ෂණ පිළිබඳවද සෑහීමකට පත්විය නොහැකි බවද කොළඹ අගරදගුරු නිවසේ ඊයේ (18දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළහ.
පාස්කු බෝම්බ ප්‍රහාරය කිසිදු පාර්ශ්වයක් දේශපාලන වාසි ලබාගැනීමට යොදා නොගත යුතු බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් පොරොන්දු වූ ආකාරයෙන් මෙම ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් ජනතාවට හෙළි කිරීමට කටයුතු කළ යුතු බවත් කාදිනල් හිමිපාණෝ එහිදී පැවසූහ.
එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් පළ කළ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ,
“මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය අසත්‍යතාව දැනගැනීම සඳහා මුළු රටේම ජනතාවට අයිතියක් තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වුණා ඒ අයිතිය සපුරාලන්නට අපේ නායකයෝ කටයුතු කරයි කියලා. පිහිටුවන ලද සමහර කොමිටි සහ කොමිෂන් සභාවල වාර්තාවලින් ඒ දේ සිදුවුණා කියලා අපට කියන්න අමාරුයි. අපි විශ්වාස කරනවා වෙච්ච දේ වසන් කරන්නට සමහර විට කටයුතු කරන්න ඇති කියලා. අපි දැන් මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කළ ජනාධිපති කොමිසමක් පවත්වාගෙන යනවා. අපි ඒ ගැන සතුටු වෙනවා. ඒ අය ඉතාම ඕනෑකමින් හැම පැත්තක්ම විග්රහ කරන්න කටයුතු කරන බව අපට පේනවා. නමුත් අපි බලාෙපාෙරාත්තු වෙනවා මෙම ක්‍රියාදාමය තවත් ශක්තිමත් වෙයි කියලා* යැයිද සඳහන් කළේය.
ඡායාරූප-ඉසුරු පෙරේරා