පස්කු ප්රහාරයේ සියලු වරදකරුවන් නීතිය ඉදිරියට රැගෙන එන බව විපතට පත්වූවන් ඇතුලු සියලු රටවැසියාට ඉතා වගකීමෙන් පවසන බව ආරක්ෂක ලේකම් (විශ්රාමික) මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසා සිටියේය.
ආරක්ෂක ලේකම් මේ බව පවසා සිටියේ කොරෝනා අවධානම හමුවේ උතුරේ ආරක්ෂක අංශ විසින් මහජනතාවට ලබාදෙන දායකත්වය වෙනුවෙන් එම නිලධාරීන් දිරිගැන්වීම සඳහා පෙරේදා (17දා) වන්නි ,කිලිනොච්චිය, මුලතිව් හා යාපනය යන ආරක්ෂක සේනා මූලස්ථානයන්හි සංචාරයක නිරත වෙමින් සේවයේ නිරතවන ත්රිවිද හමුදා සහ පොලිස් නිලධාරීන් හමු වී මෙසේ දිරිගැන්වීම සිදු කරන අතරතරදීය.
අපේ රජය බලයට ආවට පසුව අපේ එක අරමුණක් වුණේ පස්කු ප්රහාරයෙන් ජීවිත නැතිවුණු ඒ වගේම අදටත් රෝහල්වල දුක් විඳින වේදනා විඳින දරුවන්ට රටවැසියාට නීතිමය පැත්තෙන් යුතුකම ඉෂ්ටකරනවා කියන එක.
ඒ නිසා හරියට ක්රියාත්මක නොවුණු ඒ පරික්ෂණ ඉතාමත්ම සූක්ෂම විදිහට පටන්ගෙන තියනවා. බුද්ධි අංශ සියල්ලකටම මම දැනුම් දීල දියනවා පරික්ෂණ වෙනුවෙන් සහයෝගය දෙන්න කියාලා. ඒ අනුව ඒ යාන්ත්රණය ඉතාමත්ම හොඳින් ක්රයාත්මක වෙනවා. ඒ අනුව තමයි පසුගිය දවස්වල බොහෝ දෙනෙක් අත්අඩංගුවට පත් වුණේ. ඒ අනුව අපි වගකීමෙන් කියනවා පස්කු ප්රහාරයේ සියලුම වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙනෙනවා කියලා.”