ලොවක් කම්පාවට පත්කරමින් ශ්රී ලංකාවේ සිදුවූ පාස්කු ඉරිදින ප්රහාරයට අදට (21දා) වසරක් සම්පූර්ණ වෙයි. එම මිලේච්ඡ අන්තවාදී ප්රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ, තුවාල ලැබූ සියලුම වින්දිතයන්ට ‘අද’ වෙබ් අඩවියේ කනගාටුව පළකරන්නෙමු.
ක්රිස්තියානි ආගමික ස්ථාන, ප්රකට සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් මෙම ප්රහාරය එල්ල වූ අතර එයින් ශ්රී ලංකා ආර්ථිකයටද දැඩි බලපෑමක් එල්ලවිය.
මෙම ප්රහාරයෙන් ශ්රී ලාංකිකයන්ට අමතරව ශ්රී ලංකාවට ආදරය කළ, ශ්රී ලංකාවේ සංචාරය කළ විදේශිකයන් කිහිප දෙනෙක්ද ජීවිතක්ෂයට පත්විය.